දේශීය

නිල වශයෙන් පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම හා නිල ඇඳුම් බෙදා දීම අද සිදු කෙරේ

මේ වසරේ පළමු ශ්‍රේණියට සිසුන් පාසල්වලට ඇතුළත් කර ගැනීම හා සිසුන්ට නිල ඇඳුම් බෙදා දීමේ නිල උත්සවය අද (15) ගම්පොළ, අටබාගේ විමලධර්ම ජාතික පාසලේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙහිදි සංකේතාත්මක වශයෙන් පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා සිසුන්ට නිල ඇඳුම් ප්‍රදානය කෙරෙන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි ජයසේකර මහත්මිය පැවසුවාය.

එසේම අද දින මීට සමගාමීව උසස් පෙළ පන්ති සඳහා ටැබ් පරිගණක බෙදා දීම ද ආරම්භ කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *