එකවර උණ්ඩ දෙකක් පිටකළ හැකි ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
පානදුර මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (14) සිදුකර තිබූ වැටලීමකදී T56 උණ්ඩ භාවිත කළ හැකි දේශීයව නිෂ්පාදනය කර ඇති ගිනි අවියක් සොයාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මීට පෙර සොයාගත් ගිනි අවිවලට වඩා වෙනස් ආකාරයෙන් එකවර උණ්ඩ දෙකක් නිකුත් කළ හැකි ආකාරයෙන් මෙම ගිනි අවිය සකස්කර ඇති බවයි.
මොනරාගල ප්‍රදේශයේදී මෙම ගිනි අවිය සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
