පළමු ශ්‍රේණියට ඇතුළත් වීමට ගිය සිසුවා අනතුරකින් මරුට
අද (15) උදෑසන පළමු ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා සිය මව සමඟ පාසලට යමින් සිටි සිසුවෙකු ලොරි රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බදුල්ල අසේලපුර ප්‍රදේශයේ පදිංචිව සිටි වරුන් ප්‍රදීෂ් නැමැති 6 හැවිරිදි සිසුවෙකි.
සිය මව සමඟ පාසලට යමින් සිටින අතර තුර සිසුවා පාසල ආසන්නයේ දී මෙම අනතුරට මුහුණ පා ඇති අතර අනතුරින් තුවාල ලැබූ මව ද බදුල්ල මහා රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
