මියන්මාර හමුදා පාලනයට එරෙහිවන්නන් වසර 20ක සිර දඬුවමකට
මියන්මාර හමුදා පාලනයට ගැනීමත් සමග හමුදාවට විරුද්ධව විවිධ ක්‍රියා කරමින් එරට ජනතාව හැසීරීම සැළකිල්ලට ගනිමින් මියන්මාර හමුදාව විසින් ජනතාවට අනතුරු ඇඟ වීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඒ අනුව සන්නද්ධ හමුදාවලට බාධා කිරීම හෝ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව විරෝධය පළ කිරීම වැනි ක්‍රියාවල යෙදෙන ජනතාවට වසර 20ක් දක්වා සිර දඬුවමකට මුහුණ දීමට සිදුවනු ඇති බව මියන්මාරයේ හමුදා පාලනය අනතුරු අඟවා තිබේ.
එසේම, හමුදා කුමන්ත්‍රණය මෙහෙයවූවන්ට එරෙහිව පළ කරන වෛරී අදහස්, ප්‍රකාශ සම්බන්ධයෙන් ද දීර්ඝ කාලීන සිර දඬුවම් ලබා දෙන බවට අනතුරු අඟවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව දින කිහිපයක සිටම මියන්මාරයේ දැවැන්ත විරෝධතා පැවැත්වෙන අතර ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ, අත්අඩංගුවට පත්ව සිටින අවුං සාන් සූකී නිදහස් කර ගැනීම බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
