දේශීය

දුඹුරු සීනි ආනයනය නතර කිරීමට තීරණයක් – රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර

මෙරටට දුඹුරු සීනි ආනයනය කිරිම නතර කිරීමට තීරණය කර ඇති බව උක්, ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

වාර්ෂිකව මෙරට සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් හය ලක්ෂයක් බවත් ඉන් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසිදහසක් දුඹුරු සීනි බවත්  රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළේය.

මෙලෙස සීනී ආනයනය කිරීම නතර කිරීම මඟින් වාර්ෂිකව මෙරටට සීනි ආනයනයට වැය වන රුපියල් බිලියන 40ක මුදල අඩු කර ගැනීමට බලාපොරොත්තු වන බව ද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා වැඩිදුරටත් දන්වා සිටියේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *