පොලිස් දෙපාර්තමේන්තුවට ජපානයෙන් වාහන 45 ක්
ජපාන රජය පරිත්‍යාග කල ජීප් රථ 31 ක්, බස් රථ 04 ක් සහ වෑන් රථ 10 ක් පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා සංකේතාත්මකව භාර දීම අද (16) සිදු කෙරුණි.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ය.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙරට ජපාන තාතාපති අකිර සුගියාමා විසින් වාහන භාරදීම සිදු කෙරුණු බවයි.
රුපියල් මිලියන 1,250ක පූර්ණ ප්‍රදානයක් ලෙස ලැබෙන පරිත්‍යාගයේ පළමු පියවර ලෙස රුපියල් මිලියන 775ක වටිනාකමකින් යුතු වාහන 45 ක් මෙලෙස පොලිස් දෙපාර්තමේනතුව වෙත භාර දී ඇත.
පොලීසිය සිදු කරන විමර්ශන පහසු කිරිම සඳහා ජපාන රජය මෙම පරිත්‍යාගය සිදු කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
