දේශීය

සා.පෙළ විභාග ප්‍රවේශ පත්‍ර තැපෑලට – විභාග දෙපාර්තමේන්තුව

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ හා ශ්‍රී ජයවර්ධපුර අධ්‍යාපන කලාපවල විදුහල්පතිවරුන්ට එම විභාග ප්‍රවේශ පත්‍ර අද (17) දිනයේ විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාවට පැමිණ ලබා ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කරයි.

පෞද්ගලික අයැදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර අද තැපෑලට යොමු කෙරෙනු ඇත.

ප්‍රවේශ පත්‍ර සම්බන්ධ යම් ගැටලුවක් ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාව අමතා විසඳුම් ලබා ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කරයි.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 01 වැනිදා සිට 10 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4,513 කදී පැවැත්වීමට නියමිතය.

ඊට පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව 622,352 ක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *