කෲඩියා සෙලනිකා ගස ඉවත් නොකර අධිවේගී මාර්ගය ඉදිකිරීමට තීරණය කරයි – මහාමාර්ග අමාත්‍යාංශය
මෙරටට ආවේණික කෲඩියා සෙලනිකා ගස එම ස්ථානයෙන් ඉවත් නොකර මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙම තීරණය පිළිබඳ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතා විසින් වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරස්චන්ද්‍ර මහතාට දැනුම් දුන් බව බන්දුල හරස්චන්ද්‍ර මහතා සඳහන් කළේය.
වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යංශය මෙම ශාකය කපා ඉවත් නොකරන ලෙස මීට පෙර මහාමාර්ග අමාත්‍යාංශයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වේ.
ගම්පහ, දාරලුව දුම්රිය ස්ථානය අසල ඇති මෙම කෲඩියා සෙලනිකා ගසේ ඇති වටිනාකම හා එම පරිසර පද්ධතියේ ඇති වැදගත්කම පෙන්වා දෙමින් මෙම දුර්ලභ ශාකය එම ස්ථානයෙන් ඉවත් නොකර මාර්ගය ඉදි කිරීමේ කටයුතු කරන ලෙස ප්‍රකාශ කමින් පරිසර සංවිධාන ඇතුළු විවිධ පාර්ශව විරෝධය පළ කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
