ගෝලීය නවතම තතු – COVID 19
ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී ඇති කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 110,083,285 ක් දක්වා ඉහළ ගොස් ඇත.
වාර්තා වි ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 84,905,308 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,431,187 ක් වේ.
කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 77,184 දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 70,429 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇත.
තවදුරටත් වෛරස ආසාදිතයින් 6,346 දෙනෙක් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 409 කි.
ගෝලීය කොවිඩ් දර්ශකයට අනුව මේ වන විට වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වීඇති රට ඇමරිකාව වන අතර පිළිවලින් දෙවන හා තෙවන ස්ථානවල පසුවන්නේ ඉන්දියාව හා බ්‍රසීලයයි.
එසේම මේ වන විට ගෝලීය කොවිඩ් දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 90 වන ස්ථානයේ පසුවේ.
COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
