විදේශීය

නයිජීරියාවේ පාසලක ගුරුවරුන් සහ ළමුන් පිරිසක් පැහැරගනී

කිසියම් කණ්ඩායමක් විසින් නයිජීරියාවේ පාසලක ගුරුවරුන් සහ ළමුන් සියයට අධික පිරිසක් පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ නේවාසිකාගාරවල රැඳී සිටි පිරිසක් බවත් පැහැර ගැනීම සිදුකළ කණ්ඩායම් එරට හමුදා නිල ඇඳුමින් සැරසී පාසල වෙත ඇතුළු වී ඇති බවත් සඳහන් වේ.

පැහැරගැනීම සිදූවූ අවස්ථාවේදී සිදු වූ වෙඩි තැබීමකින් එක් සිසුවෙකු මියගොස් ඇති අතර තවත් සිසුන් පිරිසක් සහ ගුරුවරුන් කිහිපදෙනෙකු එම ස්ථානයෙන් පැන යාමට සමත්වී ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පැහැර ගැනීම සිදු වූ පාසලේ සිසුන් 1,000කට අධික පිරිසක් සිටින අතර පැහැර ගැනීමට ලක්වූ සිසුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් නිශ්චිතව වාර්තා වී නොමැති බවයි.

කෙසේවෙතත් මීට මාස දෙකක කාලයකට පෙර ද අපරාධ කණ්ඩායමක් විසින් නයිජීරියාවේ සිසුන් පිරිසක් පැහැරගෙන ගොස් තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *