දේශීය

පාසල්වල පැවැත්විය හැකි සහ නොහැකි උත්සව සහ වැඩසටහන්

පාසල් සිසුන් සම්බන්ධ කරගනිමින් පැවැත්විය හැකි හා නොහැකි උත්සව සහ වැඩසටහන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

පාසල් පරිශ්‍රයෙන් බැහැරව විශාල වශයෙන් ළමුන් ඒකරාශී කොට සිදු කරනු ලබන පෙරහැර පැවැත්වීම්, රථවාහන පෙළපාලි හා සංදර්ශන වැනි වැඩසටහන් සඳහා සිසුන් සහභාගී කරවීම තහනම් වන බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර ඇත.

එමෙන්ම බාහිර පුද්ගලයන් සමඟ ගැටෙන ආකාරයෙන් සංවිධානය කරනු ලබන සෞඛ්‍යමය වශයෙන් අවදානම් සහගත වැඩසටහන් සඳහා ද සිසුන් සහභාගී කරවීම අමාත්‍යංශය විසින් තහනම් කර ඇත.

එසේ වුව ද පාසල තුළ සංවිධානය කෙරෙන විෂය සමගාමී වැඩසටහන්වන කථික තරඟ, විවාද තරඟ, රුක් රෝපණ වැඩසටහන් වැනි දෑ සඳහා ඉහත තහනම වලංගු නොවේ.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිර්දේශිත ක්‍රීඩා ඉසව්, සිසු ආකල්ප හා කුසලතා සංවර්ධනය සඳහා සිසුන් විශාල වශයෙන් එක් රැස් නොකරමින් සිදුකරන වැඩසටහන්, පාසල් සංවර්ධනය උදෙසා පැවැත්වෙන නිල රාජ්‍ය උත්සව හා දූරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් සෞඛ්‍ය වත් පිළිවෙත්වලට අනුකූලව සංවිධානය කළ හැකි වැඩසටහන් සඳහා එම තහනම බල නොපැවැත්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *