දේශීය

හෙරොයින් කිලෝ 3ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 3.25 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පිළියන්දල මඩපාත බටුවන්දර ප්‍රදේශයේ දී යතුරුපැදියකින් එම හෙරොයින් තොගය ප්‍රවාහනය කරමින් සිටිය දී කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බටුවන්දර ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පෙදරේරුවෙක් ලෙස සේවය කරන පුද්ගලයෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේ දැනට බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා අනුබල ලබා දී ඇති බවට සැකකෙරෙන බවයි.

සැකකරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 07 ක රැදවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරිම් සිදු කිරීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *