දේශීය

ප්‍රදේශ කිහිපයකට ලබන ඉරිදා ජල කප්පාදුවක්

වාද්දුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන ඉරිදා (21) පෙරවරු 8.30 සිට රාත්‍රී 7.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද නාගොඩ, බෙන්තොට, බෝම්බුවල පිලමිනාවත්ත, පයාගල, මග්ගොන, බේරුවල, අළුත්ගම දර්ගා නගරය සහ කළුවාමෝදර / මොරගොල්ල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ජල සැපයුම අත්හිටුවීමට හේතුවී ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජල සම්පාදන මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *