විදේශීය

ඉන්දියාවත් සංචරණ සීමා දැඩිකරයි

දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන රටවලින් හඳුනාගත් කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේද ඉන්දියාවෙන් ද වාර්තා වීම හේතුවෙන් ඉන්දියාව තුළ නව සංචාරක මාර්ගෝපදේශ මාලාවක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සංචරණ සීමා වලට අදාළ මාර්ගෝපදේශ මාලාව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති අතර බ්‍රිතාන්‍යය, යුරෝපය සහ මැදපෙරදිග රටවල සිට ඉන්දියාවට පැමිණෙන පුද්ගලයින් හැර සෙසු රටවල සිට ඉන්දියාවට පැමිණෙන පුද්ගලයින් සඳහා එය අදාළ වන බව සඳහන් වේ.

මේ වන විට දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් නව වෛරස ප්‍රභේදයේ ආසාදිතයින් සිව් දෙනෙකු ද බ්‍රසීලයෙන් හඳුනාගත් නව වෛරස ප්‍රභේදයේ එක් ආසාදිතයෙකු ඉන්දියාවෙන් වාර්තා වී ඇත.

එසේම ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් නව වෛරස ප්‍රභේදයේ ආසාදිතයින් 187 දෙනෙකු ද හඳුනාගෙන ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *