දේශීය

නිරෝධායන නීති කඩ කළ තවත් පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඔවුන් සියළුදෙනා සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයාම සහ මුහුණු ආවරණ පැළඳ නොසිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි.

ඒ අනුව පසුගිය ඔක්තොම්බර් මස 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 3,164 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මුහුණු ආවරණ නොපළඳින හා සමාජ දුරස්ථභාවය පවත්වා නොගන්නා පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

මේ අතර ස්වයං නිරෝධායනයට යොමු කර ඇති පුද්ගලයින් නීතිරීති කඩකරමින් අදාළ පරිශ්‍රයන්ගෙන් හෝ නිවෙස්වලින් බැහරව යනනේ ද පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *