207,843 දෙනෙකුට කොවිඩ් එන්නත
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වන විට පුද්ගලයින් 207,843 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඊයේ (17) සිට බස්නාහිර පළාතේ මහජනතාව සමඟ සමීපව කටයුතු කරන පුද්ගලයින් 57,000 කට එන්නත්කරණය ආරම්භ කළ අතර ඒ අනුව මේ වන විට පුද්ගලයින් 11,680 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මේ වන විට ලබා දෙන කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව සති 10ත් 12ත් අතර කාලයකදී ලබාදීමට සැලසුම් කර ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
