ක්‍රීඩා

IPL ක්‍රීඩක වෙන්දේසිය අද

අද (18) සවස 3.00  ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වන අදියරට පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමට නියමිතව ඇත.

මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 292 කින් යුක්ත වේ.

ක්‍රීඩකයින් 12 දෙනෙකු ඉන්දීය රුපියල් කෝටි 1.5 ඛාණ්ඩයට අයත් වන අතර, ඉන්දීය රුපියල් කෝටි එකක මූලික වටිනාකමක් සහිතව වෙන්දේසියට ඉදිරිපත්ව සිටින ක්‍රීඩකයින් සංඛ්‍යාව 11 කි.

ඉන්දීය ක්‍රීඩකයින් 164 දෙනෙක්, විදෙස් ක්‍රීඩකයින් 125 දෙනෙක් හා ටෙස්ට් වරම් නොලැබූ රටවලින් ක්‍රීඩකයින් තිදෙනෙක් මෙම ක්‍රීඩක වෙන්දේසියට අදාළ වේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 9ක් වෙන්දේසියට ඉදිරිපත් කෙරේ.

ඒ අනුව,

  • කුසල් පෙරේරා
  • තිසර පෙරේරා
  • කෙවින් කොත්තිගොඩ
  • මහේෂ් තීක්ෂණ
  • විජයකාන්ත් වියස්කාන්ත්
  • වනිදු හසරංග
  • දුෂ්මන්ත චමීර
  • දසුන් ශානක
  • ඉසුරු උදාන

යන ක්‍රීඩකයින් වෙන්දේසියට ඉදිරිපත් කෙරෙනු ඇති.

එසේම මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී තුන් ඉරියව් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ඉහළ අවධානයක් යොමු විය හැකි බව විචාරක අදහස් පල කර ඇති අතර තුන් ඉරියව් ක්‍රීඩකයින් පස් දෙනෙකු සම්බන්යෙන් මෙහිදී අදහස් පළකර තිබේ.

විචාරකයින්ගේ මෙම කතාබහට ලක්ව ඇත්තේ ග්ලේන් මැක්ස්වෙල්, තිසර පෙරේරා, ක්‍රිස් මොරිස්, ක්යිල් ජමිසන් සහ ශකිබ් අල් හසාන් යන ක්‍රීඩකයින් පිළිබඳ බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *