දේශීය

ගංජා තොගයක් යාල රක්ෂිතයෙන්

රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් යාල රක්ෂිතයෙන් සොයාගෙන තිබේ.

ගෝනි 30 ක දමා තිබියදී එම ගංජා සොයාගත් බවයි ඌව පළාත් වනජිවී සහකාර අධ්‍යක්ෂ උපුල් ඉංද්‍රජිත් මහතා සඳහන් කළේ.

එලෙස සොයාගනු ලැබූ ගංජා තොගයේ බර කිලෝග්‍රෑම් 350 ක් වන අතර එම ගංජා අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබිය දී වනජීවි නිලධාරීන් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *