පිලිප් කුමරු රෝහල්ගත කෙරේ
බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.
එරට බලධාරීන් අවධාරණය කරන්නේ අවුරුදු 99 ක් වයසැති කුමරුගේ වයස්ගත භාවය සලකා මෙසේ රෝහල්ගත කර ඇති බවයි.
එමෙන්ම කුමරුට කොවිඩ් වැළඳී නොමැති බවත් ඔවුන් අවධාරණය කර ඇති අතර එඩින්බර්ග් හි ආදිපාද යන නිල නාමයෙන් හැඳින්වෙන පිලිප් කුමරු එළිසබත් මහා රැජිනගේ ස්වාමි පුරුෂයාය.
කිසිදු ආධාරයක් නොමැතිව පාගමනින් පැමිණි කුමරු හත්වැනි එඩ්වර්ඩ් රාජකීය රෝහල බලා පිටත්ව ගිය බව රාජකීය වාර්තා පවසයි.
94 හැවිරිදි රැජින සහ කුමරු දෙදෙනාම කොවිඩ් එන්නත සඳහා වන පළමු එන්නත් මාත්‍රාව පසුගිය ජනවාරි මාසයේදී ලබාගෙන ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
