කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (20) කොළඹ සහ අවට ප්‍රදේශ රැසක පැය 16 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
හෙට (20) උදෑසන 8.00 සිට රාත්‍රී 12.00 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහනගර සභා බල ප්‍රදේශවලත් මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලත් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
මීට අමතරව කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට සහ රත්මලාන ප්‍රදේශයට ද අදාළ කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
