දේශීය

ඇකිරිය ප්‍රදේශයේ පතල් කැණීම්, පස් කැනීම්වලදී වඩාත් විමසිලිමත්වන්න – භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශය

පසුගිය දින කිහිපයකම භූ කම්පන කිහිපයක් සිදුවූ මඩොල්සිම ඇකිරිය ප්‍රදේශය භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇත.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් හා තවත් පාර්ශ්ව කිහිපයක් භූකම්පන සිදු වූ එම ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරීක්ෂණයක නිරත වී තිබෙන අතර එහිදී ප්‍රදේශයේ ජනාතාද දැනුවත් කර තිබේ.

එම කාර්යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ නිරීක්ෂණය සිදු කළ ප්‍රදේශවල පතල් කැණීම් කටයුතු සිදුකරන බවට තොරතුරු අනාවරණය වූ බවයි.

මේ වන විට පවතින තත්ත්වය හමුවේ පස්කඳු කඩා වැටීම් සහ නායයෑම් තත්ත්වයන් ඇති විය හැකි බවට නිරීක්ෂණය කර ඇති බව එම නිලධාරීන් ජනතාව වෙත දැනුම් දී තිබේ.

භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරමින් ජනතාව දැනුවත් කර ඇත්තේ මේ ප්‍රදේශයේ  පතල් කැණීම් සහා පස් කැනීම් කටයුතුවලදී වඩාත් විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *