දේශීය

ගුණසිංහපුරින් නීති විරෝධි දුම්වැටි 40,000 ක්

පිටකොටුව ගුණසිංහපුර ඩයස් මාවතේ මහල් නිවාස සංකීර්න නිවසක තිබී නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ ස්විට්සර්ලන්තයේ නිෂ්පාදිත දුම්වැටි 40,000 ක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව මෙම දුම්වැටි තොගය සමඟ 23 හැවිරිදි සැකකරුවෙකු ද  අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හපුතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

මෙම පුද්ගලයා පිටකොටුව කේසර් වීථියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළඳසැලක සේවකයෙකු බවට අනාවරණය වී තිබේ.

සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ එම වෙළඳසැලේ කළමනාකරු විසින් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවටයි.

එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා ද පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *