පානම මුහුදේ භූමිකම්පාවක්
අම්පාර පානම මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 4.0 ක අගයකින් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ පුර්ව සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිවේදනය කරයි.
කුඹුක්කන් ඔය මුහුදට එක්වෙන මෝය කටේ සිට කිලෝමීටර් 14 ක් නැගෙනහිරින් වූ මුහුදේ මෙම භූමිකම්පාව සිදුව ඇති අතර එය මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 10 ක් ගැඹුරින් සිදුව ඇත.
මෑත කාලයේදී ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ සිදු වූ ප්‍රබලම භූමිකම්පාව මෙය ලෙස සලකනු ලබන අතර 2009 වර්ෂයේදී රිච්ටර් ඒකකයේ 4.5ක පමණ අගයකින් යුත් භූමිකම්පාවක් පානම මුහුදෙන් වාර්තා වී තිබුණි.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ පුර්ව සුනාමි අනතුරු ඇඟවීමේ ඒකකය වැඩි දුරටත් සඳහන් කළේ මෙම භූමිකම්පාව හේතුවෙන් කිසිදු සුනාමි අනතුරක් නොමැති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
