ක්‍රීඩා

IPL ක්‍රීඩක ඉතිහාසයේ වැඩිම වටිනාකම ද.අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රිස් මොරිස්ට

2021 IPL තරඟාවලිය සඳහා සිදු කරන ලද ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (18) චෙන්නායිහී දී පැවැත්විණි.

ක්‍රීඩකයින් 61 දෙනෙකු තෝරා ගැනීම වෙනුවෙන් මෙම වෙන්දේසිය ඊයේ පැවැති අතර, වෙන්දේසිය අවසන් වන විට සියලු කණ්ඩායම් විසින් තම කණ්ඩායමට තෝරා ගත හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් ප්‍රමාණය මිලදී ගන්නා ලදි.

එහිදී වඩාත්ම මිල අධික විදෙස් ක්‍රීඩකයා බවට පත්වූයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තුන්-ඉරියව්වෙන්ම දක්ෂ ක්‍රීඩකයෙක්වන ක්‍රිස් මොරිස් ය. ඔහු IPL ඉතිහාසයේ වැඩිම වටිනාකමක් හිමිකරගත් විදෙස් ක්‍රීඩකයා විය.

Image result for criss morris

රෝයල් චැලෙන්ජර්ස්, මුම්බායි ඉන්දියන්ස්, පන්ජාබ් කිංග්ස් යන කණ්ඩායම් ක්‍රිස් මොරිස් තම කණ්ඩායම් සඳහා හිමිකර ගැනීම සඳහා දැඩි උත්සාහයක් දැරූවද රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 16.25ක මුදලකට විසින් ඔහුව මිලදී ගනු ලැබුවේය.

එසේම මීට පෙර IPL ක්‍රීඩක වෙන්දේසියකදී වැඩිම මිලකට අලෙවි වී ඇත්තේ 2015 වසරේ දී යුවරාජ් සිං ය. දිල්ලි කණ්ඩායම විසින් ඔහුව ඉන්දීය රුපියල් කෝටි 16කට මිලදී ගෙන තිබුණි.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් නවසීලන්තයේ ක්යිල් ජමිසන් රුපියල් කෝටි 15ක මුදලකට මිල දි ගෙන ඇත.

Image result for kyle jamieson

එසේම රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල්වද රුපියල් කෝටි 14.25 ක මුදලකටත් මිලදී ගෙන ඇත.

Image result for glenn maxwell

එසේම ඔස්ට්‍රේලියාවේ ජයි රිචර්ඩ්සන්ව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් රුපියල් කෝටි 14ක මුදලකට මිලදී ගැණින.

Image result for jai richardson

මෙවර වෙන්දේසියේ දී වැඩිම මිලකට අලෙවි වූ ඉන්දීය ක්‍රීඩකයා 32 හැවිරිදි ක්‍රිෂ්නප්පා ගෞතම්  වන අතර ඔහුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් කෝටි 9.25ක මුදලකට මිලදී ගන්නා ලදි.

Image result for crishnappa gutham

මෙම ක්‍රීඩකයින් පස් දෙනා මිලදී ගැනීම සදහා පමණක් ඒ ඒ කණ්ඩායම් විසින් වියදම් කරනු ලැබූ මුදලෙහි එකතුව

වෙන්දේසිය සඳහා සහභගී වූ කණ්ඩායම් ඉන්දීය රුපියල් කෝටි 70කට ආසන්නයි පුදලක් වියදම් කරමින් මෙම ක්‍රීඩකයින් පස් දෙනා මිලදී ගෙන ඇත.

එසේම එහිදී කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු මිලදී ගැනිමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලෙස කුසල් පෙරේරා, තිසර පෙරේරා සහ ඉසුරු උදාන යන ක්‍රීඩකයින් තිදෙනා වෙන්දේසිය සදහා ඉදිරිපත් කර තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *