දේශීය

කසළ තේ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

යක්කල ප්‍රදේශයේදී කසළ තේ කිලෝග්‍රෑම් 10,000ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කසළ ‌තේ තොගය ලොරි රථ දෙකකින් ප්‍රවාහනය කරමින් සිටින අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කළ මෙහෙයුමේදී පොලිස් භාරයට ගෙන ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

කසළ තේ තොගය ගම්පොල, විලම්බොඩ ප්‍රදේශයේ සිට ප්‍රවාහනය කර ඇතැයි බව තොරතුරු අනාවරණය වී ඇත.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *