බණ්ඩාරගමදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යුවලක් අත්අඩංගුවට
බණ්ඩාරගම වැලිමිල්ල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි යුවලක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 750 ක් සහ හෙරොයින් ග්‍රෑම් 11 ක් ද සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.
ඔවුන් ගමන් කළ යතුරු පැදිය ද පොලීසිය භාරයට ගෙන ඇති අතර සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
