මෙරට පුරා ඇති ඌන උපයෝජිත ඉඩම් පිළිබඳව සමීක්ෂණයක් ආරම්භ කරයි
මෙරට පුරා ව්‍යාප්ත වී ඇති ඌන උපයෝජිත ඉඩම් පිළිබඳව සමීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ඉඩම් අමාත්‍යාංශය සඳහන් කර ඇත.
ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාමා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම සමීක්ෂණය සිදු කරන බව ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.කේ.කේ. රණවක මහතා සඳහන් කළේය.
මෙම සමීක්ෂණායන් ලබා ගන්නා තොරතුරු අනුව මෙරට පුරා ව්‍යාප්ත වී ඇති ඌන උපයෝජිත ඉඩම් හඳුනා ගැනීමට අපේක්ෂා කරන බවත් මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල මත හඳුනා ගන්නා ඌන උපයෝජිත ඉඩම් රටේ සංවර්ධනයට යොදා ගන්නා ආකරය සම්බන්ධයෙන් තීරණය කරන බවත් රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම ඌන උපයෝජිත ඉඩම් පිළිබඳව සිදුකරණ සමීක්ෂණය අප්‍රේල් මස 30 වන දා දක්වා පැවැත් වීමට නියමිත වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
