සහරාන්ගේ අන්තවාදී පන්ති සඳහා සහභාගී වු තරුණියක් අත්අඩංගුවට
සහරාන්ගේ අන්තවාදී ත්‍රස්ත පුහුණු පන්ති සඳහා සහභාගි වූ තරුණියක් ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇත.
ඇය 24 හැවිරිදි මාවනැල්ල , හිඟුල ප්‍රදේශයේ පදිංචි තරුණියකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකළ විමර්ශනයක් අනුව එම තරුණය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ,ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත අදාළ සැකකාරිය රැගෙන විත් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවයි.
කෙසේවෙතත් මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීම හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදාළ තරුණියගේ සහෝදරයන් තිදෙනා හා පියා ද මේ වන විට බන්ධනාගාර ගතකර සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
