දුම්වැටි සිල්ලරට හා මත්පැන් කාලේ බෝතල් අලෙවි කිරීම තහනම් කිරීමට රජයේ අවධානය – සමාධි රාජපක්ෂ
දුම්වැටි සිල්ලරට අලෙවි කිරිම හා මත්පැන් කාලේ බෝතල් අලෙවි කිරීම තහනම් කිරීමට රජයේ අවධානය යොමු කර ඇති බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.
මේ වනවිට ඒ සඳහා අවශ්‍ය නීති, කෙටුම්පත් කරමින් ඇතැයි එම මහතා සඳහන් කළේය.
දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මෙරට තුළ සිදුකරණ ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ දුම්වැටි භාවිතය නිසා දෛනිකව පුද්ගලයින් 60 දෙනෙකු මිය යන බව හා මත්පැන් භාවිතය නිසා දෛනිකව පුද්ගලයින් 55 දෙනෙකු මිය යන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
