භික්ෂූන් වහන්සේ ඇතුළු අනෙකුත් ආගමික නායකයිට කොවිඩ් එන්නත ලබා දීමට අගමැතිගෙන් උපදෙස්
අද (20) දිනයේ සිට භික්ෂූන් වහන්සේ ඇතුළු අනෙකුත් ආගමික නායකයින්හටත් කොවිඩ් -19 එන්නත ලබා දීමට කටයුතු ආරම්භ කර ඇත. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවයි.
ඒ් අනුව මහනුවර දිස්ත්‍රික්කයෙන් භික්ෂුන් වහන්සේ වෙත එන්නත් ලබාදීම ආරම්භ කිරීමට නියමිතවේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පූජ්‍ය පක්ෂයට කඩිනමින් එන්නත් ලබා දීමට කටයුතු කරන ලෙස බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව මෙරටේ සියලුම භික්ෂුන් වහන්සේ ඇතුළු අනෙකුත් සියලු ආගමික නායකයින්ට එන්නත් ලබාදීමට නියමිත අතර මෙම වැඩපිළිවෙළ යටතේ හෙට (21) දිනයේ සිට බදුල්ල දිස්ත්‍රිකයේ භික්ෂුන් වහන්සේ සඳහා කොවිඩ් එන්නත ලබා දීම ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
