කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රියක් පීලී පනී
දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ නාවලපිටිය සහ ඉගුරුඔය දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයකදී දුම්රිය පීලි පැනීමට ලක්ව ඇති බවයි.
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ එම දුම්රියේ නැරඹුම් මැදිරිය මෙලෙස පීලි පැනීමට ලක්ව තිබේ.
පීලි පැනීමට ලක්වූ දුම්රිය මැදිරිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය වැඩි දුරටත් සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
