ක්‍රීඩා

ඩෑන් කාටර් රග්බි පිටියෙන් සමුගනී

නවසීලන්ත රග්බි ක්‍රීඩක ඩෑන් කාටර් රග්බි පිටියෙන් සමුගන්නා බව ඊයේ (20) නිවේදනය කළේය.

තම සමුගැනීම ඔහු සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇති අතර 38 හැවිරිදි ඩෑන් කාටර් නවසීලන්තය නියෝජනය කරමින් රග්බි තරග 112කට ක්‍රීඩා කර තිබේ.

ඩෑන් කාටර් විසින් රග්බි පිටියට සමුදෙන දිනය වන විට වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ රග්බි ක්‍රීඩකයාගේ වාර්ථාව ද තමන් සතු කරගෙන සිටියි.

නවසීලන්තය 2011 වසරේදී සහ 2015 වසරේදී රග්බි ලෝක කුසලානය දිනාගන්නා විට එම කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ද කාටර්ට හිමි වූ අතර 2015 ලෝක කුසලානයේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති අවසන් මහා තරගයේ දී තරගයේ වීරයා සම්මානයෙන් ද කාටර් පිදුම් ලැබීය.

ජාත්‍යන්තර රග්බි සම්මේලනයේ වසරේ ක්‍රීඩකයාට හිමි සම්මානය අවස්ථා තුනකදී හිමිකරගැනීමට ඩෑන් කාටර් සමත් විය.

ඒ අනුව ඔහු සිය කණ්ඩායමේ හිටපු නායක රිචි මැකෝ සම කිරීමට සමත් වේ.

ඩෑන් කාටර් සිය සමුගැනීම නිවේදනය කරමින් සඳහන් කළේ සිය 19 වසරක රග්බි ජීවිතය තුළ ස්තූති කළ යුතු විශාල පිරිසක් ඔහුට සිටින බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *