දේශීය

පැලවත්තේදී හෑෂ් ඔයිල් බෝතල් 6 ක් අත්අඩංගුවට

තලංගම පැලවත්ත ප්‍රදේශයේදී ගංජා ද්‍රාවණයක් ලෙස සකස් කර තිබූ බෝතල් 6 ක් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සොයා ගත් බෝතල් 6 හි වටිනාකම රුපියල් මිලියන දෙකයි දශම පහක් පමණ වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.

එමෙන්ම මෙහි ග්‍රෑම් 609 ක ප්‍රමාණයක් ගංජා ද්‍රාවණයක් ලෙස සකසා තිබේ.

හෑෂ් ඔයිල් යන නාමයෙන් මෙම බෝතල් විකුණන බවට ද තොරතුරු වාර්තා වී ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මේ අතර හෙරොයින්, ගංජා, හෂීස් වැනි මත්ද්‍රව්‍යවලට අමතරව අයිස් වැනි කෘතීම ද්‍රව්‍ය ද සමාජයේ පවතින බවත් ඒ පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දෙන්නැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී .

ඒ අනුව 119 , 118 හා 1997 යන දුරකතන අංකවල‌ට මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා දිය හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *