බෝර 12 ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී බෝර 12 ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සතුව තිබී බෝර 12 උණ්ඩ 16 ක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 12 ක් ඇතුළු තවත් අවි ආයුධ තොගයක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
38 හැවිරිදි සැකකරු අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර පිටිගල ප්‍රදේශයේදී ද විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
