දේශීය

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී විවිධ හිරිහැර හා පීඩා වලට ලක් වී යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළ වෙත අද (21) පැමිණ තිබේ.

ඒ විදේශ ගත වී යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ ඔවුන් මෙලෙස ගෙන්වා ගෙන ඇත.

මෙම පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇති අතර මෙසේ පැමිණි අයගෙන් වැඩි පිරිසක් එරට ගෘහ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් වේ.

කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි මෙම පිරිස පසුව නීරෝධායන ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රජයේ නීරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *