කටුනායක සහ පුත්තලම අතර දින 2ක් දුම්රිය ගමන් තාවකාලිකව නතර කෙරේ
කටුනායක සහ පුත්තලම අතර දුම්රිය ධාවනය දින දෙකක කාලයක් සඳහා තාවකාලිකව නතර කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
ඒ අනුව ලබන 26 වනදා උදෑසන 8 .00 සිට 28 වනදා උදෑසන 8.30 දක්වා ආදාළ මාර්ගයේ දුම්රිය ධාවනය සිදු නොවන බවත් අදාළ කාලය තුළ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය , කොළඹ කොටුව සහ කටුනායක දුම්රිය ස්ථාන අතර පමණක් සිදු කෙරෙන බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
පුත්තලම දුම්රිය මාර්ගයේ කුරණ සහ මීගමුව අතර ද්විත්ව මාර්ග සංවර්ධන කටයුතු නිසාවෙන් දුම්රිය ධාවනය නතර කෙරෙන බව එම නිවේදනයේ සඳහන් කර ඇත.
කෙසේ වෙතත් එළඹෙන 28 වන දා පෙරවරු 8.30 සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදු කෙරෙන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
