විදේශීය

ඇමරිකාවේ ගුවන් යානයක් උඩු ගුවනේදී ගිනි ගනී

ඇමෙරිකාවේ ඩෙන්වර් ආශ්‍රිත ප්‍රදේශයේදී මගී ප්‍රවාහන ගුවන් යානයක එන්ජිමේ ගින්නක් ඇති විය.

බෝයිං 777 වර්ගයේ මෙම යානය ගුවන්ගත කර විනාඩි කිහිපයකට පසු විශාල ශබ්දයක් සමග ගින්න හටගෙන තිබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

යානයේ එන්ජිම මෙලෙස ගිනි ගැනීමත් සමග එහි කොටස් කිහිපයක් නිවාස මතට පතිත වී ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේ ගුවන්යානයේ මගීන් 231 දෙනෙකු ගමන් කරමින් සිටි බව සඳහන් වේ.

කෙසේවෙතත් ගුවන්යානය ආරක්ෂිතව ගුවන් තොටුපොළට ගොඩබැස්සවීමට නියමුවාට හැකි වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *