විදේශීය

නව කොරෝනා ප්‍රභේද 240ක් ඉන්දියාවෙන් හමුවේ

කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේද 240ක් පමණ ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වාදී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම නව ප්‍රභේද 240ම මහරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වීම විශේෂත්වය වන අතර ඉතා වේගවත් සම්ප්‍රේෂණයක් දක්නට ලැබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ හේතුව නිසාවෙන් එරට දෛනික ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් පවතින බව ද ඉන්දීය සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.

කෙසේවෙතත් ඉන්දීය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම මඟින් මෙම වෛරස සම්ප්‍රේෂණයේ වේගවත් බව අවම කර ගැනීමට හැකි වනු ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *