දේශීය

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

අද (22) නැගෙනහිර, ඌව පළාත්වල හා මාතලේ, නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

එසේම බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු සහ උතුරු මැද පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවේ.

උදෑසන කාලයේදී මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මීදුම් සහිත තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ අවදානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *