ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව අධ්‍යක්ෂකවරයෙක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ ටොම් මුඩි, ශ්‍රී ලංකා කණ්ඩායමේ අධ්‍යක්ෂක ධුරයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුදානමින් සිටින බව ක්‍රිකට් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය කිරීමේ අරමුණින් මෙම නව තනතුර නිර්මාණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව වසර තුනක කාලයක් සඳහා ටොම් මුඩි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *