උපුල් තරංග ජාත්‍යන්තර පිටියට සමුදෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇත.
ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ඕනෑම යහපත් දේ අවසානයකට එළඹිය යුතු බැවින් 15 වසරක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට තීරණය කළ බවයි.
2005 වසරේ දී 20 හැවිරිදි වියේදී ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ඇරඹූ උපුල් තරංග ජාත්‍යන්තර එක්දින තරග 235ක දී ලකුණු 6951 ක් රැස්කරගෙන ඇති අතර ඊට ශතක 15 ක් හා ආර්ධ ශතක 37 ක් ඇතුළත් විය.
ඉන්දියාවට එරෙහිව 2005 වසරේ දී ටෙස්ට් වරම් හිමිකරගත් තරංග තරග 31 ක දී ලකුණු 1754 රැස්කර ඇත.
තරංග ටෙස්ට් ශතක 3 ක් හා ටෙස්ට් අර්ධ ශතක 8 ක් වාර්තා කිරීමට සමත් ව ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
