දේශීය

ව්‍යාජ වෛද්‍යවරියක් අත්අඩංගුවට

මහනුවර රෝහලේ වෛද්‍යවරියක් විසින් කරතිබූ පැමිණිල්ලකට අනුව මහනුවර පොලීසිය විසින් ඊයේ (22) දිනයේදී 47 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ වෛද්‍යවරිය පොලීසියට පැමිණිලිකර තිබුණේ තමාගේ නමින් වෛද්‍ය ලියාපදිංචි සහතිකයක් සකස්කරගෙන ඇති තැනැත්තියක විසින් වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන බවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *