ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් දූපත් බලා පිටත් වෙයි

ඊයේ (22) රාත්‍රියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම  බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා පිටත් වී තිබේ.

කොදෙව් තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.

එක්දින කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න විසින් දරණ අතර T20 කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් දරයි.

කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට හදුනා ගත් ළහිරු කුමාර වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට සුරංග ලක්මාල් ඇතුළත් කර ඇත.

කොදෙව් තරග සංචාරයේ දී T20 තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතවේ.

ශ්‍රී ලංකා සංචිතය –

  • දිමුත් කරුණාරත්න  – නායක (TEST/ ODI )
  • දසුන් ශානක – නායක (T20)
  • දනුෂ්ක ගුණතිලක
  • පැතුම් නිශ්ශංක
  • අශේන් බණ්ඩාර
  • ඔෂද ප්‍රනාන්දු
  • දිනේෂ් චන්දිමාල්
  • ඇන්ජලෝ මැතිව්ස්
  • නිරෝෂන් දික්වැල්ල
  • තිසර පෙරේරා
  • කමිඳු මෙන්ඩිස්
  • වනිඳු හසරංග
  • රමේෂ් මෙන්ඩිස්
  • නුවන් ප්‍රදීප්
  • අසිත ප්‍රනාන්දු
  • දුෂ්මන්ත චමීර
  • අකිල ධනංජය
  • ලක්ෂාන් සඳකැන්
  • දිල්ශාන් මදුශංක
  • සුරංග ලක්මාල්

Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *