අමාත්ය දිනේෂ් ගුණවර්ධන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය අමතයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරයේ දී ශ්රී ලංකාව වෙනුවෙන් අද (23) විදේශ අමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇමතීමට නියමිත ය.
අන්තර්ජාලය හරහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙවර සැසිවාරය පැවැත්වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිවාරය ඊයේ (22) ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ විය.
හෙට (24) දිනයේ දී ශ්රී ලංකාවේ මානව හිමිකම් ප්රතිසන්ධානය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැචෙලේ මහත්මියගේ වාර්ෂික වාර්තාව කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
