දේශීය

පූඩළුඔයදී කසළ තේ තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

පූඩළුඔය ප්‍රදේශයේදී කසළ තේ තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එහිදී සැකකරුවන් සතුව තිබී කසළ තේ කිලෝග්‍රෑම් 2,500 ක් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර කසළ තේ ප්‍රවාහනය කළ ලොරි රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් ක‌‌ළේ මෙම කසළ තේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩල නිලධාරීන්ගෙන් වාර්තාවක් ලබා ගැනීමට ද නියමිත බවයි.

මේ අතර පසුගිය සති දෙකක කාලයක් තුළ සිදු කළ වැටලීම්වලදී කසළ තේ කිලෝග්‍රෑම් 20,000කට අධික ප්‍රමාණයක් සොයාගැනීමට හැකිවූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *