දේශීය

ඩෙල්ෆ් දූපතෙන් හමු වූ මළ සිරුර

යාපනය ඩෙල්ෆ් දූපතෙන් මුහුදු ගොස් අතුරුදහන්ව සිටි ධීවරයින් දෙදෙනාගෙන් අයකුගේ මළ සිරුරක් ඊයේ (23) සවස නාගදීප දූපත් වෙරළේ තිබී සොයාගත් බව යාපනය ඩෙල්ෆ් පොලීසිය පවසයි.

යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයේ පදිංචි ඥානසිංගම් රමේෂ් නැමැති 41 හැවිරිදි පුද්ගලයෙකු හා රංජන් මයන් නැමැති 19 හැවිරිදි තරුණයෙකු පසුගිය 21වැනිදා මසුන් ඇල්ලීමට ගොස් සිටියදී එලෙස අතුරුදහන් වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අතරුදහන්ව සිටි යාපනය, ඩෙල්ෆ් දූපතේ 06වන පටුමඟ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයාගේ මළ සිරුර වෙරළට ගොඩගසා තිබියදී එලෙස සොයාගෙන තිබේ.

අතුරුදහන් වූ අනෙක් ධීවරයා සොයා නාවික හමුදා නිළධාරීන් සහ ප්‍රදේශයේ ධිවරයින් සෝදිසි මෙහෙයුම් සිදුකරමින් පවතින බව ද පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.

අතුරුදහන් වූ ධිවරයින්ගේ යාත්‍රාව පෙරළී ඇති බවට සැක කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඩෙල්ෆ් පොලීසිය හා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *