ඉතාලි තානාපති වෙඩි ප්‍රහාරයකින් මරුට
ලෝක ආහාර වැඩසටහනේ රථ පෙළකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකදී තුවාල ලැබූ ඉතාලි තානාපතිවරයෙක් මියගොස් තිබේ.
එසේ මියගොස් ඇත්තේ කොංගෝ රාජ්‍යයේ ඉතාලි තානාපති ලෙස කටයුතු කළ ලුකා ඇතනාසියෝ ය.
ලෝක ආහාර වැඩසටහනේ කටයුතු නිරීක්ෂණය සඳහා යමින් සිටින අතරතුර ඔහු රැගත් රථ පෙළට ගෝමා නම් නගරය ආසන්නයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඉන් තුවාල ලැබූ තානාපතිවරයා මියගිය බව විදෙස් පුවත් වාර්තා කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
