ක්‍රීඩා

ලොව දැවැන්තම ක්‍රිකට් ක්‍රීඩාංගණය

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස සංවර්ධනය කරන ලද ඉන්දියාවේ මොටේරා ක්‍රීඩාංගණය අද (24) නිල වශයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ.

ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ අහමදාබාද් හි පිහිටි මෙම ක්‍රීඩාංගණය ඉන්දිය ජනාධිපති රාමනාත් කෝවින්ද් විසින් විවෘත කිරීමට නියමිත බවයි.

ඒ අනුව එංගලන්ත ඉන්දියා තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය එම ක්‍රීඩාංගණයේදී අද (24) පස්වරුවේ ආරම්භවීමට නියමිතය.

එක් ලක්ෂ 10,000ක පිරිසකට අසුන් පැනවිය හැකි ප්‍රේක්ෂකාගාරයකින් සමන්විත මොටේරා ක්‍රීඩාංගණය සංවර්ධනය කිරිමේ කටයුතු 2015 වසරේදී ආරම්භකර තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *