පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන් – අධ්‍යාපන අමාත්‍යාංශය
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් (25) අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මස 01වන දින සිට මාර්තු 10වන දින දක්වා දීප ව්‍යාප්ත මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර 2021 වර්ෂයේ පෙබරවාරි මස 25වන බ්‍රහස්පතින්දා පළමු පාසල් වාරයේ පළමු අදියර අවසන් කෙරෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ඒ අනුව 2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර මාර්තු මස 15වන සඳුදා ආරම්භ කිරීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
