පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය දින 2ක් සීමා කෙරේ
පුත්තලම මාර්ගයේ ධාවනය වන දුම්රිය 26 වනදා රාත්රී 8.30 සිට 28 වනදා දක්වා කොළඹ කොටුව සිට කටුනායක ගුවන්තොටුපළ දුම්රිය ස්ථානය දක්වා සීමා කෙරෙන බව පාලක මැදිරිය පවසයි.
මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය ධාවනය මෙලෙස සීමා කර තිබේ.
එමෙන්ම 28 වනදා කොළඹ කොටුවේ සිට හලාවත දක්වා රාත්රී 8.20 දුම්රිය පමණක් ධාවනය වන බවයි පාලක මැදිරිය වැඩි දුරටත් සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
